Thursday, November 20, 2025
Homeසියලුම පුවත්මිනිස් සංහාරය නවත්වන්න! වහාම සාකච්ඡා අරඹන්න! සජිත් පාර්ලිමේන්තුවේදී පලස්තීන-ඊශ්‍රායල ගැටුම ගැන කතා...

මිනිස් සංහාරය නවත්වන්න! වහාම සාකච්ඡා අරඹන්න! සජිත් පාර්ලිමේන්තුවේදී පලස්තීන-ඊශ්‍රායල ගැටුම ගැන කතා කරයි!

පලස්තීනය සහ ඊශ්‍රාලය අතර සිදුව තිබෙන බරපතල සංහාරය තුළ ත්‍රස්තවාදී සංවිධාන තුළින් මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදය තුළින්ද මිනිස් ඝාතන සිදුවන බවත් මේ තත්ත්වය තුළ සිකුරාදා දිනයේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය..

මේ සංහාරය තුළ දරුවන් මව්වරුවන් කාන්තාවන් සිවිල් පුරවැසියන් ගේ ජීවිතවලට විශාල බලපෑමක් සිදුව ඇති නිසා මේ මොහොතේ හෝ මිනිස් සංහාරය නවතා සාම සාකච්ඡාවලට එළැඹෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔස්ලෝ සම්මුතිය ආදී සම්මුතීන් තුළ විවිධ අන්තවාදී මතවල සිටි දේශපාලන නායකයෝ පවා සාකච්ඡා සිදු කළ බවත් එබැවින් මෙම රාජ්‍යයන් දෙකම සාකච්ඡා මේසයට පැමිණ ස්ථිරසාර සාමයක් කරා යායුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවැසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේ දී පලස්තීන හා ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එසේම පලස්තීන රාජ්‍යයේ අයිතිය තහවුරු කළ යුතු බවත් මෙම රාජ්‍යයන් දෙක සාමකාමීව අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත් විය යුතු බවත් අපේ රටේ ජනතාව පවා ඒ රටවල සිටින බැවින් මේ සම්බන්ධයෙන් නිහඩව සිටිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments