Tuesday, February 17, 2026
Homeදේශීයමිනුවන්ගොඩින් ටී–56 පතරොම් සමඟ සැකකරු අත්අඩංගුවට

මිනුවන්ගොඩින් ටී–56 පතරොම් සමඟ සැකකරු අත්අඩංගුවට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී–56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) සවස ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන්ට ලැබූ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී ටී–56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට භාරදී ඇත.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments