Monday, December 22, 2025
Homeක්‍රීඩාමෙම වසරේ LPL තරගාවලිය නොපැවැත්වේ

මෙම වසරේ LPL තරගාවලිය නොපැවැත්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිවේදනය කළේ, වාර්ෂික ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය මෙම වසරේදී නොපැවැත්වෙන බවයි.

2026 පෙබරවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්මිශ‍්‍ර සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත ICC විස්සයි20 ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන් නිසි තත්ත්වයට පත් කිරීම සහ සූදානම්කිරීම සඳහා අවධානය යොමු කිරීමට SLC විසින් මෙම පියවර ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments