Wednesday, March 4, 2026
Homeදේශීයමෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට

ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව සඳහන් කළේ, අදාළ ධීවරයින් සමඟ ඔවුන් පැමිණි ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් ධීවරයින් තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඔවුන් නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇති බවත් සඳහන් වේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් තිදෙනා සහ ධීවර යාත්‍රාව කන්කසන්තුරය වරායට රැගෙන ඒමට නියමිත බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments