ව්‍යාජ ලෙස වාහන කිහිපයක් ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේ මෙම අත්අඩංගුව සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් අනිත්‍යානුකූල ලෙස පැවරීම සඳහා දත්ත ඇතුළත් කිරීම, කවුළු අංක නිකුත් කිරීම සහ ඒ සඳහා අනුමැතිය ලබාදීම යන චෝදනා යටතේ හිටපු සංවර්ධන සහකාරවරයෙකු, හිටපු විමර්ශන සහකාරවරයෙකු සහ හිටපු සහකාර කොමසාරිස්වරයෙකු වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

