Friday, January 23, 2026
Homeදේශීයයළිත් ඉතිහාසගත වූ ලෝක රන් මිල.

යළිත් ඉතිහාසගත වූ ලෝක රන් මිල.

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව පසුකර ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය අනුව, රන් අවුන්සයක් සඳහා වාර්තා වූ මිල අමෙරිකානු ඩොලර් 4,955.74ක් වන අතර, එය මෙතෙක් සටහන් වූ ඉහළම රන් මිල ලෙස ඉතිහාසයට එක්ව ඇත.

මේ අතර, ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින් වසර අවසානයට පෙර රන් මිල අවුන්සයකට අමෙරිකානු ඩොලර් 5,400 දක්වා ඉහළ යා හැකි බවට අනාවැකි පළ කර තිබේ.

එමෙන්ම, අද දිනයේ මෙරට රන් මිලද සැලකිය යුතු ලෙස ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments