මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා මත යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුව අද (10) කොළඹ මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේ කල්තැබිනි.
රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, ඇය නඩුවට පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) දින කොළඹ අධිකරණ වෛද්‍යයින්ගෙන් පරීක්ෂා කිරීමට නියමිත බවයි.
පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු නඩු පියවර තීරණය කරන අතර, නඩුව යළි පෙබරවාරි 9 දින කැඳවීමට නියමිතය.
මෙම නඩුව රුපියල් මිලියන 59කට අධික මුදල් අයථා ලෙස තැම්පත් කිරීමේ චෝදනා මත ගොනුකර තිබේ.
යෝෂිතගේ මිත්තණියට එරෙහි නඩුව කල්යයි

