රජයේ සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543ක් ණය ගැනීමට සිදුව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශය වාර්තා වල මේ බව සඳහන් වන බවයි.
රජය තම වියදමෙන් සියයට අනූ එකක් වැය කරනු ලබන්නේ පුනරාවර්තන වියදම් එනම් වැටුප් ගෙවීම සඳහා බවත් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන්නේ 9%ක් පමණක් බවත් හෙතෙම පැවසීය.
මෙම වසරේ මුල් මාස පහ තුළ රජයේ සාමාන්‍ය දෛනික වියදම රුපියල් කෝටි 1425ක් වී ඇති අතර රජයේ සාමාන්‍ය දෛනික ආදායම රුපියල් කෝටි 748 වී ඇති බවද හෙතෙම පැවසීය.
මේ අනුව රජයට තම සියලු වියදම් පියවා ගැනීම සඳහා මෙම කාලයේ දිනකට රුපියල් කෝටි 677 ආසන්න මුදලක් ණයට ගැනීමට සිදුව ඇතැයිද ඔහු කියා සිටියේය