විෂ මත්ද්‍රව්‍ය රටින් ඉවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ඊයේ දිනයේ සැකකරුවන් 1,284 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 7 සහ ග්‍රෑම් 21, සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 සහ ග්‍රෑම් 715 සොයාගත් බවය.
එසේම හෂීස්, ගංජා සහ මත්පෙති ඇතුළු තවත් මත්ද්‍රව්‍ය රැසක් ද පොලීසිය විසින් අත්පත් කරගෙන ඇත.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර, තවත් 15 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇත.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ, මෙම මෙහෙයුම ආරම්භ කළ ඔක්තෝබර් 30 සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 12,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට

