මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම අරමුණු කරගනිමින් පොලීසිය විසින් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. පසුගිය මස 30 සිට 13 වනදා දක්වා, මෙහෙයුම් 16,915ක් සිදුකර, පුද්ගලයින් 16,738ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම යටතේ, නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20ක් විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් 396 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
පොලීසිය භාරගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ 110.556, අයිස් කිලෝ 600.947, කොකේන් ග්‍රෑම් 10, ගංජා කිලෝ 458.216, ගංජා පැල 1,015,632ක්, කුෂ් කිලෝ 4.847, හෂීන් කිලෝ 25.483, මත්පෙති 41,874, මදනමෝදක කිලෝ 13.17, මාවා කිලෝ 36.176 යන ප්‍රමාණ ඇතුළත් වේ.
මෙම වැටලීම් මගින් පුද්ගලයින් 313 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කිරීමටද පොලීසිය පියවර ගෙන ඇත.

