Monday, December 22, 2025
Homeදේශීයරටෙන් 30%ක් නාය අවදානමේ

රටෙන් 30%ක් නාය අවදානමේ

දිවයිනේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් නාය යෑමේ අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත.

දිස්ත්‍රික්ක 14 ක් පුරා විහිදී ඇති කඳුකර ප්‍රදේශ මෙම අවදානමට පත්වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් හඳුනා ගෙන තිබේ.

2023 වර්ෂය වන විට මෙරට නාය යෑමේ අවදානම් කලාප සිතියම් සකස් කර ඇත.

නාය යෑම් අවදානම් කළමනාකරණයේදී නාය යෑමක් ආරම්භ වීමේ ලක්ෂණ ඇති කලාප, සුන්බුන් ගලායන කලාප, සුන්බුන් තැන්පත් වන කලාප ඇතුළුව නාය යෑම් මගින් බලපෑමට ලක්විය හැකි කලාප හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම අනතුරුදායක තත්ත්වය හඳුනා ගනිමින් නාය යෑම් ආපදා මගින් බලපෑමට පත්විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීම (රතු සහ කහ කලාප නිර්ණය කිරීමේ ක්‍රමවේද භාවිතයෙන්) නමින් ව්‍යාපෘතියක් යෝජනා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දිවයින පුරා සිදුවන නාය යෑම් ආපදා සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments