Friday, January 23, 2026
Homeදේශීයරටේ දරුවන්ගෙන් 17%කට මන්දපෝෂණය - 50%කට කැල්සියම් ඌණතාව

රටේ දරුවන්ගෙන් 17%කට මන්දපෝෂණය – 50%කට කැල්සියම් ඌණතාව

අද වන විට මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

ඔවුන් විශ්වාස කරන්නේ රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව ආහාර ගැනීම සීමා කිරීම මෙම තත්ත්වයට හේතුව බවයි.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරන්නේ මෙම ජාතික සමීක්ෂයේදී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් ලක්ෂ 02 ප්‍රමාණයකට හා පාසල් සිසුන්ගෙන් ලක්ෂ 07 ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වූ බවයි.

එසේම මේ වන විට කැල්සියම් ඌනතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර දරුවන්ගෙන් 50% ක් පමණ කැල්සියම් ඌණතාවයෙන් පෙළෙන බවත් මෙය අලුතින් ඇති වූ තත්ත්වයක් බවත් ඇය පෙන්වා දෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments