Sunday, January 25, 2026
Homeදේශපාලනරනිල්ගේ ආණ්ඩුව එළිපිටම ඇඳුම් උනාදමයි

රනිල්ගේ ආණ්ඩුව එළිපිටම ඇඳුම් උනාදමයි

රට තුළ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යාම පිළිබඳ පුරෝකථනය කිරීම් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත් කර කැබිනට් මණ්ඩලය යටතට ගෙන ඇති බව 22වනදා දේශය පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පතේ සමාන්තර මුල් ප්‍රවෘත්ති දෙකෙන් එකක් ලෙස මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. “උද්ධමනය තීන්දුව කැබිනෙට්ටුවෙන්” යන සිරස්තලයෙන් එය වාර්තා කර තිබිණි. “රජය අලුතින් සම්මත කරන ලද මහ බැංකු පනත අනුව රටේ උද්ධමනය, ප්‍රතිශතය සහ එහි ඉලක්ක (සීමාවන්) පිළිබඳ අවසන් තීරණය ගැනීමේ වගකීම අමාත්‍ය මණ්ඩලයට පවරා දී තිබේ.

උද්ධමන ඉලක්ක (බඩු මිල ඉහළ යාමේ වේගය පිළිබඳ ඉලක්ක) තීන්දු කිරීම අමාත්‍ය මණ්ඩලයට පවරා ඇත්ත ඉතිහාසයේ පළමු වරටය. මෙතෙක් එම කටයුත්ත සිදු කළේ රටේ භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය අධ්‍යනය කළ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.” යනුවෙන් එම ප්‍රවෘත්තියේ මූලික අදහස සන්නිවේදනය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments