Homeසියලුම පුවත්රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරේ

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරේ

රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු සිව්දෙනෙකු අද (18) පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.අනුරාධපුර පොලිසිය විසින් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන හිමියන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (17) අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබුණි.ඒ අනුව, ගැටුමට මුල් වූ බවට සැක කෙරෙන පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අද අනුරාධපුර පොලිසිය වෙත රැගෙන විත් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments