Friday, November 14, 2025
Homeදේශීයරුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු තායිලන්තයේ බැංකොක් නුවරින් ඉන්දියාවේ චෙන්නායි හරහා මෙරටට පැමිණ ඇති අතර, ඔහු සතුව තිබූ කිලෝග්‍රෑම් 2.7කට ආසන්න කුෂ් මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඔහුගේ ගමන් මලු තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා රැගෙන ආ බව සොයාගෙන ඇත.

අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයට භාර දී ඇති බව රේගු අධිකාරිය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments