Friday, January 23, 2026
Homeදේශීයරුපියල් මිලියන 2371 ක වියදමින් නැගෙනහිර පළාතට ව්‍යාපෘති 33 ක් ලබාදීමට කැබිනට්...

රුපියල් මිලියන 2371 ක වියදමින් නැගෙනහිර පළාතට ව්‍යාපෘති 33 ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 2371 ප්‍රදානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක සහ ප්‍රජා සවිබලගැන්වීම යන අංශ පිළිබඳව මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments