Saturday, March 14, 2026
Homeදේශීයරුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම මගින්...

රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල – බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි අල්ලස් කොමිසම විසින් සැකකාරිව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩු කර සකස්කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන් ඇය මෙම අල්ලස් මුදල් ඉල්ලා තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව වයඹ පළාත් සභාවේ පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ තක්සේරු නිලධාරිනියක් බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සදහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments