Wednesday, March 4, 2026
Homeවිදේශීයරුසියාවේ මෝටර් රථයක පිපිරීමකින් හමුදා ප්‍රධානියෙකු මරුට

රුසියාවේ මෝටර් රථයක පිපිරීමකින් හමුදා ප්‍රධානියෙකු මරුට

රුසියාවේ මොස්කව් නුවර සිදුවූ මෝටර් රථ පිපිරීමකින් රුසියානු හමුදා ජෙනරාල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු විමර්ශන කමිටුව පවසන්නේ මෝටර් රථයක් යට සවිකර තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් මියගිය බවයි. ඔහු සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි බව සඳහන් වේ.

මහල් නිවාස ගොඩනැගිල්ලක් අසල රථ ගාලක මෙම පිපිරීම සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments