Friday, November 14, 2025
Homeදේශීයරුහුණු සරසවියේ සිසුන් බඹර ප්‍රහාරයකට ලක්වෙයි – 6ක් රෝහලට

රුහුණු සරසවියේ සිසුන් බඹර ප්‍රහාරයකට ලක්වෙයි – 6ක් රෝහලට

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් අද (14) බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් ගසකට බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ප්‍රහාරයට ලක්විය.

මෙම සිදුවීමෙන් සිසුන් 6 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අදාළ ප්‍රායෝගික වැඩමුළුව සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් නේවාසිකව නතර වී සිටි අතර, බගවන්තලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments