ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට පියවර ගෙන තිබේ.ඒ අනුව හෙට (16) උදෑසන 10.00ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස සමාගමේ නිලධාරීන්ට දැනුම් දී ඇත.පසුගිය නොවැම්බර් 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමාගම කටයුතු කළේය.ඒ අනුව මිල සංශෝධනයෙන් පසු ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහත පරිදි වෙනස් වී තිබේ.- කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය: රු. 4,965 සිට රු. 6,740 දක්වා ඉහළ ගොස් ඇත. මිල වැඩිවීම රු. 1,775කි.- කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය: රු. 1,988 සිට රු. 2,720 දක්වා ඉහළ ගොස් ඇත. මිල වැඩිවීම රු. 732කි.ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාම, නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු මෙන්ම මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුකිරීමට සිදුවූ බව සමාගම පවසා තිබේ.මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමාගමේ නිලධාරීන් කැඳවා ඇත.

