Tuesday, March 3, 2026
Homeදේශීයලුණුවිල ගුවන් අනතුරෙන් මියගිය ගුවන් නියමුවාට ජනාධිපති අවසන් ගෞරව

ලුණුවිල ගුවන් අනතුරෙන් මියගිය ගුවන් නියමුවාට ජනාධිපති අවසන් ගෞරව

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමු ගෘප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති රත්මලාන පිහිටි නිවසට ජනාධිපතිවරයා පෙරවරුවේ පැමිණ, මියගිය නිර්මාල් මහතාගේ බිරිඳ, දෙමාපියන්, සහෝදර සොහොයුරු සහ සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත සාතිශය සංවේගය පළ කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු මහත්වරුන් සහභාගී වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments