Thursday, November 13, 2025
Homeදේශීයවලපනේ සමූපකාරයේ බලය විපක්ෂයට...

වලපනේ සමූපකාරයේ බලය විපක්ෂයට…

වලපනේ නව විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල ධුර සඳහා පැවති ඡන්ද විමසීමේදී, පොදු විපක්ෂ කණ්ඩායම තීරණාත්මක ජයක් වාර්තා කර තිබේ.

විපක්ෂය සමිතියේ අධ්‍යක්ෂ තනතුරු 7ම දිනා ගැනීමට සමත් වූ අතර, මෙයින් සමූපකාර සමිතියේ පරිපාලන බලය සම්පූර්ණයෙන්ම විපක්ෂය වෙත හිමි විය.

වලපනේ විවිධ සේවා සමූපකාර සමිතියේ රැස්වීම් ශාලාවේදී පැවති නිලවරණයෙන් ‘සමුපකාර සමිතිය සුරැකීමේ සංවිධානය’ නියෝජනය කළ විපක්ෂ කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව, සමිතියේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපතිවරයකු වන ඩී. එස්. එම්. සුමතිලාල් නැවත තේරී පත් විය.

සමිතිය විසින් නිල වශයෙන් තහවුරු කරන ලද නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් පහත පරිදි වේ:
චාල්ස් වැන්ඩවොල්
රොබට් තෙන්නකොන්
ඉඳුනිල් ප්‍රියන්ත
විජිත කුඩාගම
ආර්. ක්‍රිෂාන්
ආර්. එම්. මිමුක්ති දර්ශන රත්නායක

අභිනව සභාපති ඩී. එස්. එම්. සුමතිලාල් මෙහිදි අදහස් දක්වමින් පැවසුවේ, විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව ‘සමුපකාර සමිතිය සුරැකීමේ සංවිධානය’ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලය හිමි කර ගැනීමට සමත් වූ බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments