මාතර කොටපල ප්‍රදේශයේ නීතිවිරෝධීව සන්තකයේ තබා ගත් වල්ලපට්ටා තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශය වෙත ලැබූ තොරතුරක් අනුව, දෙණියාය වන සංරක්ෂණ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
නිලධාරීන් පවසන පරිදි, සැකකරුවන් සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 110.450ක් අල්ලාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 662කට අධික බවද සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා අල්ලාගත් වල්ලපට්ටා තොගය දෙනියාය පොලිසිය වෙත භාර දී වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

