මෙම වසරේ ගෙවුණු මාස දෙකක කාලය තුළ රිය අනතුරු 3,600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ජනවාරි 1 සිට මාර්තු 2 දක්වා කාලය තුළ පමණක් රිය අනතුරු 3,642ක් වාර්තා වී ඇති බවයි.
එහිදී මාරක රිය අනතුරු 405ක් සිදුව ඇති අතර, එම අනතුරුවලින් පුද්ගලයින් 422 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම බරපතළ රිය අනතුරු 866ක් වාර්තා වී ඇති අතර, සුළු තුවාල සිදුවූ අනතුරු 1,730ක් සහ දේපළ හානි පමණක් සිදුවූ අනතුරු 641ක් වාර්තා වී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

