Monday, March 2, 2026
Homeදේශීයවසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 ඉක්මවයි

වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ.

2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය වන බව සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් ලෙසත්, විකුණුම් මිල රු. 313.81ක් ලෙසත් සටහන් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ 2025 වසර තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.6කින් අවප්‍රමාණය වී ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments