Friday, March 29, 2024
Homeව්‍යාපාරිකමානව හිමිකම් නැතිනම් ලබන අවුරුද්දේ සිට අපනයනකරුවන්  ජර්මන් වෙළෙඳපොළෙන් එළියට

මානව හිමිකම් නැතිනම් ලබන අවුරුද්දේ සිට අපනයනකරුවන්  ජර්මන් වෙළෙඳපොළෙන් එළියට

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ජර්මනියට භාණ්ඩ ආනයනය කිරීමේදී අපනයනකරුවාගේ පාර්ශ්වයෙන් මානව අයිතීන් සුරැකීම සහ තිරසාරත්වය සම්බන්ධයෙන් අදාළ රට සහ කර්මාන්ත අනුගමනය කරන පිළිවෙත් බොහෝ සෙයින් සැලකිල්ලට ගන්නා බවත් ශ්‍රි ලංකාවේ අපනයනකරුවන් ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ජර්මනියේ රජයේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සහ ව්‍යාපාර තිරසාරත්වය සහ මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාධරයකු වන මාකස් ලුනින්ග් පවසයි.
ඉදිරියේදී ජර්මනිය සිය ආනයන සඳහා චීනය හැර වෙනත් රටවලට අවස්ථාව ලබා දීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන බැවින් ශ්‍රි ලංකාවේ අපනයනකරුවන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම ජර්මන් වෙළෙදපොළේ වැඩි අවස්ථාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු අති බවද මාකස් ලුනින්ග් සඳහන් කළේය.

අද ඩේලිමි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එලඹ ඇති ඔහු තවදුරටත් පවසා ඇත්තේ විශේෂයෙන් කර්මාන්ත ශාලා තුළ සේවකයන්ට සේවය කිරීමේදී පවතින ගුණාත්මක බව , ඔවුන්ගේ මානව සහ කම්කරු අයිතීන් සුරැකීම තිරසාරත්වය සම්බන්ධයෙන් ගෙන අති පියවර ආදිය ආනයනවලදී අනිවාර්යයයෙන් විශේෂ සැලකිල්ලට ලක් විය යුතු බවට ජර්මන් රජය මේ වනවිට නීති රීති සම්පාදනය කර ඇති බවයි. එරට ආනයතනික සැපයුම් දාම සම්බන්ධයෙන් වන පනතක් මඟින් මෙය නීතිගත කර ඇති බවත් 2023 ජනවාර් 01 වැනිදා සිට එය ක්‍රියාත්මක කරන බවත් ජර්මානු මානව හිමිකම් ව්‍යාපාර විශේෂඥයා පවසයි.

ඔහුට අනුව ශ්‍රි ලකාවේ ඇඟලුම් කර්මාන්තයට හා කෘෂි නිෂ්පාදන කර්මාන්තය මෙම යහපත් ගුණාංග ආරක්ෂා කරගෙන සහ වර්ධනය කරගෙන සිය කර්මාන්ත සහ ව්‍යාපාර මෙහෙයවුවහොත් ඔවුන්ට ජර්මනියේ තරගකාරී වෙළෙඳපොළට ඇතුළු වීමට අවස්ථාවක් සැලසෙන බවත් එය ශ්‍රි ලංකාවටද ලැබෙන හොඳ අවස්ථාවක් විය හැකි බවත් මාකස් ලුනොන්ග් පවසයි.

“ මෙම නීතිය ගේන්න මූලික වුණේ 2013 වසර්දී බංග්ලාදේශයේ රානා ප්ලාසා නැමති ගොඩනැගිල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවක් බිඳ වැටීම නිසා විශාල අනතුරක් සිදුව සේවක සේවකාවන් විශාල ගණනක් මිය ගියා. එහිදී පැහැදිළි වුණේ අපනයන කර්මාන්තයක් වුණු එම කර්මාන්ත ශාලාව සිය සේවකයන් ගේ ආරක්ෂාව සහ අයිතීන් පිළිබඳව උනන්දුවක් දක්වා නොමැති බවය. “

“නමුත් ජර්මානු ජනතාව නිතරම අපේක්ෂා කරන්නෙ යපහත් නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා නිමවෙන තිරසාරත්වය පරිසර සුරක්ෂිතතාව සහ මානව අයිතීන් සුරකින ආකාරයේ ප්‍රතිප්තති මත නිපදවන භාණ්ඩ මිල දී ගනීමයි. “

“ඒ සඳහා ජර්මනියට භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන් නිසි මඟකට ගැනීමේ අරමුණින් මේ නීති ගෙන එනවා. මේ වනවිට ජර්මනිය චීනය මගහැර වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට උත්සාහ කරනවා .“

“එය ශ්‍රි ලංකාවටත් ලැබෙන හොඳ අවස්ථාවක්“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments