Friday, January 16, 2026
Homeweatherweatherවායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් පවතිනවා

වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් පවතිනවා

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, උතුරු, උතුරු–මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අළුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිදුම් සහිත තත්ත්වයක් පැවිය හැකි බවත් සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි, තද සුළං සහ අකුණු නිසා ඇතිවන අනතුරු වැළැක්වීමට අවශ්‍ය පියවර ගැන ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments