දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. පසුගිය දින කිහිපය තුළ වායු ගුණාත්මකභාවය පහළ යාමක් නිරීක්ෂණය වූ බවත්, මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට අහිතකර විය හැකි බවත් එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය. හුස්මගැනීමේ අපහසුතා හෝ ආසාත්මිකතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අන්තර්දේශීය වායු සංසරණය, ඊසාන දිග මෝසම සහ ගිනිතැබීම්, වාහන දුමාරය වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙම තත්ත්වයට හේතුවන බව ද ඔහු පැවසීය. ප්ලාස්ටික් සහ පොලිතීන් වැනි ද්‍රව්‍ය පිලිස්සීමෙන් වළකින ලෙසද මහජනතාවට උපදෙස් දී ඇත.

