ශ්‍රී ලංකාවේ වාහන ආනයනය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ස්ථාවර තත්ත්වයකට පත් වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ වාහන මිල ගණන්ද මේ සමග අඩුවී ඇති බවයි. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පැවසීය.
ආර්ථික අර්බුදයෙන් පසු මෙරට සංචිත ප්‍රමාණය මෙම වසර අවසානය වනවිට ඉහළම මට්ටමට ළඟා විය හැකි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය දෙසැම්බර් 15 දින අනුමත වීමට නියමිත බවද ඔහු පැවසීය. ඒ සමඟම ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන්ද මුල්‍ය සහාය ලබන මාසයේදී ලැබෙන බවද පෙන්වා දී ඇත.
විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම ද වසරේ අවසානයට ඉහළ යාමට පාලනය වන බවත් එය සංචිත ශක්තිමත් කිරීමට උපකාරී වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය. පසුගිය මාසවල වාහන ආනයනය ඉහළ ගියද මේ වනවිට එය අඩුවී Pent-up demand අවසන් වී ඇති නිසා වෙළෙඳපොළ ස්ථාවර බවද ඔහු පැහැදිලි කළාය.
ඉදිරි වසරේ වාහන ආනයනය පිළිබඳ විමසූ විට අධිපතිවරයා පැවසුවේ නව පුරෝකථනයක් තවම සකස් නොවන බවත්, එය ඊළඟ මුදල් ප්‍රතිපත්ති විවරණයේදී ප්‍රකාශ කරන බවත්ය. නමුත් ලබන වසර අවසානය වනවිට වාහන ආනයනය සාමාන්‍ය මට්ටමකට ළඟා විය හැකි බවද සඳහන් කළේය.
වාහන ආනයනය ස්ථාවර වෙමින් – මිල ගණන්ත් පහළට

