ප්‍රධාන වශයෙන් වාහන ආනයන වියදම් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ද ඉක්මවා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතුවලට යොදා ගන්නා වාහන සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයේදී ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙසේ සැප්තැම්බර් මස ආනයන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යෑමෙන් එම මාසයේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් මිලියන 910.1 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගිය වසරේ (2024) සැප්තැම්බර් මස වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 634 ක් පමණක් වූ බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

