Tuesday, February 17, 2026
Homeweatherවැඩිම වැස්ස නෑබඩට

වැඩිම වැස්ස නෑබඩට

අද උදෑසන 8.30ට අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ කළුතර දිස්ත්‍රික්කයේ නෑබඩ ප්‍රදේශයෙන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශයේ වාර්තා වූ වර්ෂාපතනය මිලිමීටර 121.5ක් ලෙස සඳහන් වේ.

ඊට අමතරව, වෝගන් වතුයාය ප්‍රදේශයට මිලිමීටර 111ක් සහ මාදම්පේ ප්‍රදේශයට මිලිමීටර 100ක් වර්ෂාපතනයක් ලැබී ඇති අතර, රත්මලාන ප්‍රදේශයටද මිලිමීටර 108.5ක් වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments