Homeසියලුම පුවත්වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක ගින්නෙන් 11ක් මරුට

වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක ගින්නෙන් 11ක් මරුට

අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු ආරක්ෂිතව බේරාගෙන වෙනත් ස්ථානයකට යොමු කර තිබේ.
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර, ගිනි නිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ගින්න හටගත් අවස්ථාවේදී මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ සිට ඇති බවත්, එහි මානසික ආබාධ සහිත පුද්ගලයින් ද රැඳී සිට ඇති බවත් වාර්තා වේ.
පොලීසිය පවසන්නේ පුද්ගලයින් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් අයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments