Wednesday, March 4, 2026
Homeදේශීයවිදෙස් කතකගෙන් අල්ලස් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ තිදෙනෙකු අත්අඩංගුවට

විදෙස් කතකගෙන් අල්ලස් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ තිදෙනෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රියානු ජාතික කාන්තාවකගෙන් රු. 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කොල්ලු‍පිටිය පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව සතුව තිබූ විදේශීය දුම්වැටි තොගයක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සදහා ඔවුන් මෙම මුදල ලබා ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත් පසුගිය 5 වැනිදා ඇගේ මගපෙන්වන්නා විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත මේ පිළිබදව පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුවයි සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments