Tuesday, April 16, 2024
Homeවිදේශීයඇමරිකාව වඳුරු උණ හේතුවෙන් රට තුල හදිසි තත්වයක් නිවේදනය කරයි

ඇමරිකාව වඳුරු උණ හේතුවෙන් රට තුල හදිසි තත්වයක් නිවේදනය කරයි

වඳුරු උණ ව්‍යාප්ත වීම හේතුවෙන් අමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔවුන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ වඳුරු උණ මාරාන්තික රෝගයක් නොවන නමුත් ඒ පිළිබඳ අඩු තක්සේරුවෙන් නොබැලිය යුතු බවයි.

අමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා කටයුතු පිළිබඳ ලේකම් සේවියර් බෙකෙරා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කලේ වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, පිරිමි පුද්ගලයින් අතර සිදුවන සමලිංගික කි‍්‍රයාකාරකම් ද මෙලෙස වඳුරු උණ ව්‍යාප්තිය ඉහළ යෑමට බලපා ඇති බවයි.

අමෙරිකානු සෞඛ්‍ය අංශ වාර්තා කරන අන්දමට එරටින් මේ වන විට වඳුරු උණ ආසාදිතයින් 6,600 ඉක්මවා වාර්තා වනවා.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද ගෝලීය වශයෙන් ද වඳුරු උණ ව්‍යාප්තිය හදිසි තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඒ, රටවල් 75 ආසාදිතයන් 18 දහසක් වෛරසයට ගොදුරු වීමත් සමඟයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments