Saturday, December 20, 2025
Homeදේශීයවිදේශ රැකියාවලට පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි..

විදේශ රැකියාවලට පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි..

වසරේ ගතවූ කාලසීමාව තුළ සිය ලියාපදිංචිය සහිතව විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය සඳහන් කළේ, ඊයේ පස්වරු 6.00 වනවිට එලෙස පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ 26 ක් පමණ වන බවයි.

ඉතිහාසයේ වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණේ, පසුගිය වසරේදී ය.

එම සංඛ්‍යාව තුන් ලක්ෂ එකොලොස් දහසකි.

මේ වසරේදීත් ලක්ෂ තුනකට අධික පිරිසක් විදෙස් රැකියා සදහා පිටත්ව යනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ ය.

(News 1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments