Thursday, November 13, 2025
Homeදේශීයවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවිය.

මෙහි දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ස්වභාවික දායාද සහ මානව කුසලතා සම්බන්ධයෙන් අගය කරමින් සිය කතාව ආරම්භ කර ඉන්දියාවේ වෙනස්වන ආර්ථිකය සමඟ සමීපව සම්බන්ධ වීමෙන් මෙම ශක්තීන් ගොඩනැගීමේ වැදගත්කම සඳහන් කළාය. එසේම ඉන්දියාව වැනි විශාල වෙළෙඳපලකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ ඇය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව ද අවධාරණය කළේය.

එසේම 2022 අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක සහයෝගයට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටි අතර තනි ජාතියක් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මූල්‍ය ප්‍රදානය එය බවත් පැවසීය. තවද කාර්මික ප්‍රතිපත්තිය සහ ඩිජිටල් පාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ජයග්‍රහණ අගය කළ විපක්ෂ නායකවරයා සාපේක්ෂ ස්ථාවරත්වය තිබියදීත්, ශ්‍රී ලංකාව තවමත් විදේශ සංචිත නැවත ගොඩනැගීම, අපනයන විවිධාංගීකරණය කිරීම සහ දරිද්‍රතාවය අඩු කිරීම ඇතුළු ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙන බව ද පැවසීය.

විනිවිද පෙනෙන සහ විශ්වාසය පදනම් කරගත් සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහි දී එකඟ විය. ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා- ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ඉන්දියාවේ ආකෘතිය අනුගමනය කරමින් නවෝත්පාදන, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ පර්යේෂණ සහ ව්‍යාපාර අංශ සමඟ ආර්ථික ප්‍රතිපත්ති පෙළගැස්වීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. අන්‍යෝන්‍ය ගෞරවය සහ දිගුකාලීන හවුල්කාරිත්වය මත ගොඩනගා ඇති ඉන්දියාව සමඟ සමීප ආර්ථික හා සංස්කෘතික සබඳතා සඳහා තම පක්ෂය වන සමගි ජන බලවේගය කැපවී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවේ පැවසීය.

Sajith Premadasa Meets Indian Finance Minister Nirmala Sitharaman in New Delhi

Leader of the Opposition Sajith Premadasa met India’s Finance Minister Nirmala Sitharaman at the Ministry of Finance in New Delhi for discussions on deepening bilateral economic cooperation and regional integration.

Minister Sitharaman commended Sri Lanka’s natural endowments and human talent, noting the importance of building on these strengths through closer engagement with India’s dynamic economy. She said Sri Lankan industries could grow faster by accessing larger markets such as India and emphasized that stronger local industries would also enhance Sri Lanka’s economic sovereignty.

Premadasa expressed gratitude for India’s USD 4 billion support during the 2022 crisis, the largest extended by any single nation and praised India’s achievements in financial inclusion, industrial policy, and digital governance. He noted that despite relative stability, Sri Lanka still faces major challenges, including rebuilding foreign reserves, diversifying exports, and reducing poverty.

Both sides agreed on the need for transparent and trust-based cooperation. Premadasa proposed creating an India–Sri Lanka Industrial Zone to foster joint ventures and technology transfer, and called for updating the Indo-Lanka Free Trade Agreement to match modern trade realities.

He also stressed the importance of innovation, public–private partnerships, and aligning economic policy with research and business sectors, following India’s model. Premadasa reaffirmed that his party, the Samagi Jana Balawegaya, remains committed to closer economic and cultural ties with India built on mutual respect and long-term partnership.

RELATED ARTICLES

Most Popular

Recent Comments