ජනාධිපති අරමුදල මඟින් තෝරාගත් විශ්වවිද්‍යාල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (18) ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනෙකුට ලැප්ටොප් පරිගණක ලබාදී ඇති අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර තිබේ.
එමෙන්ම, 2025 සහ 2026 වසරවලදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුන් 30 දෙනෙකුට අධ්‍යාපනික උපකරණ ලබාදීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් ලක්ෂ 98කට අධික මුදලක් වැය කර ඇති බවද සඳහන් වෙයි.
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලින් ලැප්ටොප් පරිගණක

