අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මියගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 16 අනුව අද (18) කැඳවනු ලැබූ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරය පෙරවරු 9.30ට ආරම්භ විය.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2026 වර්ෂයට අදාළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

