Sunday, March 1, 2026
Homeදේශීයශ්‍රී ලංකාව – මැදපෙරදිග සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාව – මැදපෙරදිග සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

මැදපෙරදිග කලාපයේ රටවල් රැසක ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත සියලු ගුවන් ගමන් අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

අද උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25ක් අවලංගු කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේය.

ඊයේ (28) මැදපෙරදිග බලා පිටත්ව ගිය FitsAir සහ Air Arabia ගුවන් යානා දෙකක් ද ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මැදපෙරදිග හෝ එම කලාපය හරහා වෙනත් රටකට ගමන් කිරීමට සැලසුම් කර ඇති ගුවන් මගීන්, ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා ආයතන සමඟ සම්බන්ධ වන ලෙසත්, විද්‍යුත් තැපැල් සහ කෙටි පණිවිඩ පරීක්ෂා කරන ලෙසත්, ගුවන් තොටුපොළ නිල වෙබ් අඩවිය ඔස්සේ යාවත්කාලීන තොරතුරු ලබාගන්නා ලෙසත් දැනුම් දී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නොහැකි වූ විදේශීය ගුවන් මගීන් සඳහා දින 07ක අමතර වීසා සහන කාලයක් ලබා දී ඇත.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය බලා ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments