ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම, බංග්ලාදේශ කාන්තා ක්රිකට් කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජයගැනීමට සමත් වී තිබේ.
අවසන් තරගයේදී ශ්රී ලංකා කාන්තා පිල ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළ අතර, වර්ෂාව හේතුවෙන් තරගය එක් ඉනිමකට පන්දුවාර 9කට සීමා කර තිබුණි.
පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලකුණු 87ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ පිලට කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 84ක් පමණි.
ඒ අනුව, පළමු තරග දෙකද ජයගත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස සම්පූර්ණයෙන්ම ජයගැනීමට සමත් විය
ශ්රී ලංකා කාන්තා පිලට 3-0ක තරගාවලි ජයක්

