Sunday, January 25, 2026
Homeදේශපාලනශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි.

ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව  මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉහත ආයතන 3 සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරුන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇත බවට තීරණය කර ඇති බවය.

ඊට අදාළ තීරණය සම්බන්ධයෙන් විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments