Wednesday, November 26, 2025
Homeදේශීයශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය මර්දන උත්සාහය පරාජය කිරීමට එක්වන්නැයි ඉල්ලයි

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය මර්දන උත්සාහය පරාජය කිරීමට එක්වන්නැයි ඉල්ලයි

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ එම පුවත්පතේ පළ වූ පුවතක් සම්බන්ධවයි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ, මාධ්‍ය මර්දන වහා නවතා, මාධ්‍ය නිදහසට බාධාවක් නොවන මාර්ගයක් හරහා රාජ්‍ය පාලනය සිදු කළ යුතු බව රජය වෙත ඉල්ලීම් කර තිබේ.

සංගමය පවසන්නේ, වර්තමාන රජය විසින් ජනමාධ්‍ය වෙත එල්ල කරන මර්දන උත්සාහය රටේ සමස්ත ජනතාවටද බලපාන බැවින්, භාෂණ හා ප්‍රකාශන නිදහස අගයන සියලු පාර්ශ්වයන් මෙම උත්සාහය පරාජය කිරීමට එක්විය යුතු බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments