2026 වසරේ ජනවාරි 1 සිට පෙබරවාරි 12 දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 401,787 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
පෙබරවාරි 12 වන දින එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම සිදුව ඇති අතර එදින සංචාරකයින් 12,731 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 70,880 දෙනෙකු ලෙස වාර්තා වේ. බ්‍රිතාන්‍යයෙන් 44,053 දෙනෙකු, රුසියාවෙන් 36,949 දෙනෙකු, ජර්මනියෙන් 28,332 දෙනෙකු සහ චීනයෙන් 22,309 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත.
තවද, පෙබරවාරි මාසයේ පළමු දින 12 තුළ පමණක් සංචාරකයින් 124,460 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

