ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ WhatsApp ඇතුළු සමාජ ජාලයන්ට අයිති මේටා සමාගමේ ප්‍රධාන කෘත්‍රිම බුද්ධි විද්‍යාඥයා (Chief AI Scientist) වන යාන් ලෙකන් තම තනතුරින් ඉවත්වීමට සැලසුම් කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මේටා සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් AI මෙහෙයුම් රැඩිකල් ලෙස වෙනස් කිරීමට සූදානම් වන අවස්ථාවක, ලෙකන් තමන්ගේම නව ආරම්භක ව්‍යාපාරයක් (start-up) ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.
ලෙකන්, නවීන AI ක්ෂේත්රයේ පුරෝගාමියෙකු ලෙස සලකනු ලබන අතර, ටියුරින් සම්මානලාභී විද්‍යාඥයෙකි. ඔහු 2013 සිට මේටා සමාගමේ FAIR පර්යේෂණාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
මෙම තීරණය එළඹ ඇත්තේ, සකර්බර්ග් විසින් OpenAI සහ Google වැනි තරඟකරුවන්ට අභියෝග කිරීමේ අරමුණින් Meta හි AI උපායමාර්ගය වෙනස් කළ අවස්ථාවකය.
ඔහුගේ නව උපායමාර්ගය අනුව, පර්යේෂණ කටයුතු වලට වඩා වෙළඳපොලට වේගයෙන් AI නිෂ්පාදන ලබාදීම මූලික කරගෙන තිබේ.
ලෙකන්ගේ මතය අනුව, සකර්බර්ග් විශාල භාෂා මාදිලි (LLMs) මත තවදුරටත් අවධානය යොමු කළත්, ඒවාට මිනිසුන් මෙන් සිතීමට සහ තර්ක කිරීමට නොහැකි බවය. ඔහු විශ්වාස කළේ “world models” ලෙස හැඳින්වෙන නව පරම්පරාවේ AI පද්ධති මගින් භෞතික ලෝකය අවබෝධ කර ගැනීම හැකි වන බවයි.
ලෙකන්ගේ පිටවීම මේටා සමාගමේ මෑතකාලීන AI නායකත්ව වෙනස්කම් වල තවත් එක් අදියරක් ලෙස සැලකේ. මීට පෙර, AI උප සභාපති ජොයෙල් පිනෝ ද කැනේඩියානු ආරම්භක ව්‍යාපාරයක් වන Cohere වෙත ගිය අතර, AI පර්යේෂණ ඒකකයේ නිලධාරීන් 600ක් පමණ සේවයෙන් ඉවත් කර තිබේ.
මෙම පසුබැසීම මඟින්, සකර්බර්ග්ගේ බිලියන ගණනක AI ආයෝජන වලින් සැබෑ ප්රතිලාභ ලබාදිය හැකිදැයි පිළිබඳ විවෘත ප්‍රශ්නයක් නැගී ඇත.
සකර්බර්ග්ගේ හදිසි තීරණ නිසා ප්‍රධාන AI විශේෂඥයා මේටා හැර යයි

