ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය (Indian Council of World Affairs – ICWA) හි ප්‍රධාන දේශනයක් පවත්වා ඇත.
ඒ අවස්ථාවේදී ඔහු ඉන්දියාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික භූමිකාව “beacon of strategic autonomy and South–South cooperation” ලෙස විස්තර කළ අතර, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්න ගැඹුරු ප්රජාතන්ත්රවාදී සබඳතා තහවුරු කළේය.
අදහස් දක්වමින් ඔහු ඉන්දියාව “ඩිජිටල් ප්රජාතන්ත්රවාදය” සහ නිෂ්පාදන ක්ෂේත්රයේ නවෝත්පාදනයන් මගින් විශ්වාසදායක ගෝලීය හවුල්කාරිත්වයන් සපයන රටක් බව ප්‍රශංසා කළේය.
තවත් අවස්ථාවකදී, ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ විදුලි වාහන හා සැපයුම් ක්ෂේත්රයන්හි තාක්ෂණික සහ කාර්මික සම්බන්ධතා ශක්තිමත් කිරීමට කැමැත්ත පළ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම, සාධාරණ හා සමබර ගෝලීය පරිපාලන පද්ධතියක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර ආසනයක් ඉන්දියාවට හිමිවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
සජිත් ඉන්දීය ලෝක කටයුතු කවුන්සිලය අමතයි

