Friday, January 23, 2026
Homeදේශපාලනසජිත් ප්‍රේමදාස අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුව​ට ඉදිරිපත් කරයි

සජිත් ප්‍රේමදාස අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුව​ට ඉදිරිපත් කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

ඒ අනුව තමන් 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ බවත්, 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබූ බවත් සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

තමන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙරට තුළ මුහුණ නොදුන් බවත් ඉන් අනතුරුව තමන් එංගලන්තයේ විද්‍යාලකට ඇතුළත් වූ බවද ඔහු සඳහන් කළා.

එහිදී තමන් සාමාන්‍ය පෙළ විභායට පෙනී සිට A සාමාර්ථ 2 ක්, B සාමාර්ථ 2 ක් හා C සාමාර්ථ 3 ක් හිමිකරගත් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

ඉන් අනතුරුව 1986 වසරේදී උසස් පෙළ විභාගය සඳහා එංගලන්තයේදී පෙනී සිටි බවත් එයින් B සාමාර්ථ 2 ක් හා C සාමාර්ථ 1 ක් ලබාගත් බවත් ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments