සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනතාවට පීඩාවක් ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය තුළ සිදුවන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදුකරමින්ය.
ආයුර්වේද නිෂ්පාදන සහ විවිධ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරණය පවතින නීති යටතේ කිසියම් මට්ටමකට නියාමනය කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත්, ජනතාවට අසාධාරණයක් සිදුවන අයුරින් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය කිරීමට අදාල සම්පූර්ණ නීතිමය රාමුවක් මේ වන විට රට තුළ නොමැති බවත්, එවැනි නීති සම්පාදනය කිරීම මගින් මෙවැනි තත්ත්වයන් පාලනය කළ හැකි බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

