Sunday, November 16, 2025
Homeදේශීයසාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව නවතා දමයි

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව නවතා දමයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සම්පුර්ණයෙන් නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පැනනැගී ඇති ගැටලු හේතුවෙනි.

ඉන්ධන බෙදාහැරීම IOC පිරවුම්හල් මගින් පමණක් සිදුකිරීම හේතුවෙන් මේ වනවිට එම පිරවුම්හල් අසල දිගු රථවාහන පෝලිම් දක්නට ලැබේ.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන පහසුකම අවමවීම නිසා ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා බස් රථ හා දුම්රිය භාවිතය ඉහළ ගොස් තිබේ.

නමුත් බස් රථ සහ දුම්රිය සීමිත ප්‍රමාණයක් ධාවනයවීම හේතුවෙන් මගී ජනතාව පත්ව තිබුණේ මහත් දුෂ්කරතාවයන්ටය.

RELATED ARTICLES

Most Popular

Recent Comments