Saturday, January 17, 2026
Homeදේශීයසිනමා කර්මාන්ත ගැටලු ජනපති විසින් විසඳුම් ලබා දෙයි


සිනමා කර්මාන්ත ගැටලු ජනපති විසින් විසඳුම් ලබා දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි, සිනමාවේ ප්‍රගතිය රටේ පුරවැසියගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන අතර, දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින් විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවයි.

අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිනමාපට නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන් සමඟ පැවැති සාකච්ඡාවකදී, කර්මාන්තය මුහුණ දෙන ගැටලු සියල්ල සලකා බලමින් ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබා දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

විශේෂයෙන් VAT ගෙවීමේ අක්‍රමිකතා සහ කර්මාන්තය පුළුල් කිරීමේ සීමා පිළිබඳව කරුණු පැහැදිලි කර ඇති අතර, 2025 වසරේ සිනමාව ඉතිහාසයේ ඉහළම ආදායමක් ලබා ඇති බවද, එය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් නිෂ්පාදකයින් ඉල්ලා සිටියහ.

මෙම සාකච්ඡාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර සහ ප්‍රවීන සිනමා ශිල්පීන්, නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන් (Lyca Productions, JP Ceneplex-Kandy, LFD, EAP, Lite Cinema, CEL, Ceylon Theaters, PVR) සහභාගී වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments