Saturday, January 17, 2026
Homeවිදේශීයසිරියානු ජනාධිපති හා ට්‍රම්ප් අතර ඉතිහාසික හමුවක් අද

සිරියානු ජනාධිපති හා ට්‍රම්ප් අතර ඉතිහාසික හමුවක් අද

සිරියානු ජනාධිපති අහමද් අල් ෂාරා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (10) ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයක් අනුව සිරියානු නායකවරයා මෙලෙස  පැමිණ ඇති අතර, සිරියානු ජනාධිපතිවරයෙකු ධවල මන්දිරයකට පැමිණෙන පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම හමුවේදී දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම හා සිරියාව සහ ඊශ්‍රායලය අතර ගැටුම් අවසන් කිරීමට ගන්නා පියවර පිළිබඳව සාකච්ඡා සිදුවනු ඇති බව ද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments